ජගත් මිහිතල/මිහිකත දිනය - World Earth Day
අප්‍රේල් 22
ගස්වැල් ගෝලීය පැවැත්මට සෘජු ලෙසම දායක වෙයි. ගස්වැල් ජීවයේ පැවැත්මට,කාලගුණ විපර්යාසවලට,හුස්ම ගන්නා වායුව පිරිසිදු කිරීමට හා හොඳ ජීවන පරිසරයක් ඇති කිරීමට මහෝපකාරී වෙයි. මිනිසාගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් ගෝලීය පරිසරයට එල්ලවන තර්ජන දිනෙන් දින වැඩි වන බව ලෝක පරිසර සංවිධාන මේ වනවිටත් අනතුරු අඟවා තිබේ.
ජගත් මිහිතල/මිහිකත දිනය
World Earth Day
World Earth Day
[🌐එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිරීක්ෂණය කරනු ලබන / ප්‍රකාශයට පත් කර ඇති නිල වාර්ෂික ජාත්‍යන්තර දිනයකි.🌐]
ලෝක පරිසර ආරක්ෂණය වෙනුවෙන් ජගත් ප්‍රජාව එකතු වී ගොඩනගාත් ජගත් මිහිතල/මිහිකත දිනය සෑම වසරකට අප්‍රේල් 22 දින සමරනු ලබන අතර ලෝකයේ දිනෙන් දින අභියෝගයට ලක් වන පරිසර ගැටළු කෙරේ ජගත් ප්‍රජාවගේ අවධානය යොමු කිරීම සිදු කරයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ''ජගත් මිහිතල/මිහිකත දිනය'' නම් කර ඇත.
ගස්වැල් ගෝලීය පැවැත්මට සෘජු ලෙසම දායක වෙයි. ගස්වැල් ජීවයේ පැවැත්මට,කාලගුණ විපර්යාසවලට,හුස්ම ගන්නා වායුව පිරිසිදු කිරීමට හා හොඳ ජීවන පරිසරයක් ඇති කිරීමට මහෝපකාරී වෙයි. මිනිසාගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් ගෝලීය පරිසරයට එල්ලවන තර්ජන දිනෙන් දින වැඩි වන බව ලෝක පරිසර සංවිධාන මේ වනවිටත් අනතුරු අඟවා තිබේ.
1970 අප්‍රේල් මස 22 වැනි දින ආරම්භ වූ මිහිතල දිනයට 2020 වර්ෂයේ දී වසර 50 ක් සම්පූර්ණ වේ. 1970 වන විට ඇමෙරිකාවේ පැවැති පාරිසරික විනාශය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම හා වගකිවයුත්තන් ගේ අවධානය යොමු කරවීම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ලෙස මිහිතල දිනය ආරම්භ විය.
ඒ ඇමෙරිකාවේ මිලියන 20 ක ජනතාවක් එදින වීදි බැස පරිසරය පිරිසිදු කිරීම, රැළි, විරෝධතා ව්‍යාපාර, දේශන, වැඩමුළු ආදිය පවත්වමින් පරිසර ක්‍ෂේත්‍රයේ නව සන්ධිස්‌ථානයක් එදින සනිටුහන් කළ නිසාය.
මිහිතල දිනයේ පෙරැළිය ඇති කළ මිහිතල දින සමාරම්භකයා වශයෙන් සලකනු ලබන්නේ "ගේ ලෝඩ් නෙල්සන්" නමැත්තාය. ඔහු වින්කොන්සි ප්‍රාන්තයේ සෙනෙට් සභිකයෙක්‌ද, ආණ්‌ඩුකාරයා වශයෙන්ද පත්වී පසුව ඇමෙරිකානු සෙනෙට් මණ්‌ඩලයේ සභිකයකු සේද කටයුතු කළ පුද්ගලයෙකි.
ඔහුගේ නායකත්වයෙන් ඇරැඹි 1970 අප්‍රේල් 22 දා "පරිසර සංග්‍රාමය" ලෝකයට පරිසරය පිළිබඳ හිතන්නට මෙන්ම ක්‍රියාකරන්නටත් යමක් ඉතිරි කළේය. අද දක්‌වාත් අප්‍රේල් 22 දාට මිහිතල දිනය සැමරෙන්නේ ඒ නිසාය.
මිහිතල දිනය ලෙස සැමරීම සඳහා ඒ ඒ වර්ෂ වලදී නිශ්චිත තේමා ද යොදාගෙන ඇති අතර මෙවර (2020) තේමාව වී ඇත්තේ "Climate action" යන්නයි. එහි සිංහල තේරුම "දේශගුණික ක්‍රියාකාරිත්වය" යන්නයි.
2018 තේමාව "ප්ලාස්ටික් දූෂණය අවසන් කරමු."
2017 තේමාව "පාරිසරික හා දේශගුණික සාක්ෂරතාවය."
2016 තේමාව "මිහිතලය සුරැකීමට ශාක සුරකිමු."
2015 තේමාව "ජලය විශ්මජනක ලෝකයක්."
2014 තේමාව "හරිතවත් නගරයක්."
2013 තේමාව "දේශගුණික විපර්යාස ජයගනිමු."
2012 තේමාව "මිහිතලය සුරැකීමට ලොවම එකතුවෙමු."

සමස්‌තයක් ලෙස නූතන පරිසර සංරක්‌ෂණ ව්‍යාපාරයේ වැදගත් දිනයක් ලෙස මිහිතල දිනය සැලකිය හැකි ය.
අපගේ පෘථිවිය ආරක්ෂා කිරීම දිනකට පමණක් සීමා නොවී සෑම දිනයක්ම මිහිතල දිනයක් ලෙස සලකා මේ සුන්දර ලෝකය හරිතවත් පිරිසිදු ලෝකයක් බවට පත් කරමු.
(සමීර ගුරුසිංහ - අප්‍රේල්_22_EarthDay)
වැඩිදුර විස්තර සදහා
https://www.divaina.com/sunday/index.php/visheshanga2/10040-2019-05-24-09-23-91
https://www.earthday.org/earth-day-2020/
https://www.divaina.com/sunday/index.php/visheshanga2/10040-2019-05-24-09-23-91
https://www.earthday.org/earth-day-2020/
Comments
Post a Comment