ලෝක සෞඛ්ය දිනය - World Health Day
දිනය - අප්‍රේල් 07
ලෝක සෞඛ්ය දිනය
World Health Day
ලෝක සෞඛ්ය දිනය
World Health Day
[🌐එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිරීක්ෂණය කරනු ලබන / ප්‍රකාශයට පත් කර ඇති නිල වාර්ෂික ජාත්‍යන්තර දිනයකි.🌐]
~අරමුණ~
ලෝක සෞඛ්ය දිනයේ පරමාර්ථය වන්නේ සෞඛ්ය අංශයේ ප්රමුඛතාව ලබාදිය යුතු ක්ෂෙත්‍රයක් ඉස්මතු කිරීම සඳහා නිශ්චිත සෞඛ්ය තේමාවක් පිළිබඳ ගෝලීය දැනුවත්භාවය ඇති කිරීමයි.
ලෝක සෞඛ්ය දිනයේ පරමාර්ථය වන්නේ සෞඛ්ය අංශයේ ප්රමුඛතාව ලබාදිය යුතු ක්ෂෙත්‍රයක් ඉස්මතු කිරීම සඳහා නිශ්චිත සෞඛ්ය තේමාවක් පිළිබඳ ගෝලීය දැනුවත්භාවය ඇති කිරීමයි.
{Wikipedia}
{ලෝක සෞඛ්ය සංවිධානයේ ලද නිර්වචනයට අනුව, සෞඛ්ය යනු සම්පුර්ණ ශාරීරික මානසික හා සමාජීය නිරෝගිතාවයක් වන අතර රෝගයක් හෝ යම්කිසි දුබලතාවයක් නොමැති වීම පමණක් නොවේ. 1986 දී ලෝක සෞඛ්ය සංවිධානය විසින් නවීකරණය කරන ලද අර්ථ දැක්වීමකට අනුව සෞඛ්ය යනු එදිනෙදා ජීවිතයට සම්පතක් වන අතර ජීවත් වීමේ පරමාර්ථයම පමණක් නොවේ. තවද සෞඛ්ය යනු ශාරීරික ධාරීතාවයන් සමාජීය සහ පුද්ගල සම්පත් පිළිබද විග්‍රහ කෙරෙන ධනාත්මක සංකල්පයකි.}

ලෝක සෞඛ්ය දිනය, ලෝක සෞඛ්ය සංවිධානය විසින් 1948 වසරේ සිට සෑම වසරකම අප්‍රේල් මස 07 වන දින සමරනු ලබයි.
70 වන ලෝක සෞඛ්ය දිනය ශ්‍රී ලංකාවේ දී පවත්වන ලද අතර තේමාව වන්නේ "Universal Health Coverage: Everyone Everywhere" යන්න යි. එම ලෝක සෞඛ්ය දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන ලෝක සෞඛ්ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය Tedros Adhanom මෙසේ පවසයි.
“Health is a human right. No one should get sick or die just
because they cannot access the services they need.”
"සෞඛ්යය යනු මානව අයිතිවාසිකමකි. අවශ්‍ය සෞඛ්ය පහසුකම් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් කිසිවෙක් රෝගී විය යුතු හෝ මිය යා යුතු නොවේ."
because they cannot access the services they need.”
"සෞඛ්යය යනු මානව අයිතිවාසිකමකි. අවශ්‍ය සෞඛ්ය පහසුකම් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් කිසිවෙක් රෝගී විය යුතු හෝ මිය යා යුතු නොවේ."
ලෝක සෞඛ්ය සංවිධානයට අනුව ලෝක ජනගහනයෙන් හරි අඩකට අතවශය්‍ය සෞඛ්ය සේවා ලැබෙන්නේ නැත. එමෙන්ම සෞඛ්යය සඳහා වන වියදම් හේතුවෙන් මිලියන 100 කට අධික ජනතාවක් ජීවත් වන්නේ අන්ත දුප්පත්කමෙන් (දිනකට ඩොලර් 1.90 ට වඩා අඩු ආදායමක් සහිත) පීඩා විඳිමිනි. ලෝක ජනගහනයෙන් 12% ක් හෙවත් මිලියන 800 කට සිය ආදායමෙන් 10% ක් සෞඛ්ය වියදම් වෙනුවෙන් වැය කිරීමට සිදුව ඇත. මෙම තත්ත්වය අතිශය අප්‍රසන්න තත්ත්වයකි. මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) යටතේ 2030 වන විට Universal Health Coverage (UHC) හෙවත් සාර්ව සෞඛ්ය රක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වාදීමට එකඟ වී සිටිති.
UHC යන්නෙන් අදහස් කරන්නේ ආර්ථික අපහසුතාවයකින් තොරව සියලු ප්‍රජාවට තම සෞඛ්ය අවශ්‍යතා සපුරාගැනීමට අවශ්‍ය පහසුකම් සැළසීම යි. සෞඛ්ය ප්‍රවර්ධනයේ සිට රෝග වැළැක්වීම, ප්‍රතිකාර, පුනරුත්ථාපනය සහ මරණාසන්න රෝග වලින් පීඩා විඳින පුද්ගලයන්ට අවශ්‍ය සේවාවන් දක්වා අතවශය්‍ය සියලු සෞඛ්ය පහසුකම් සැපයීම ඊට අදාළ වේ. UHC මගින් අවශ්‍ය පුද්ගලයන්ට අදාළ සේවා වෙත බාධාවකින් තොරව ප්‍රවේශ වීමේ අවස්ථාව සළසා දෙයි. එමෙන්ම එළෙස සපයනු ලබන සේවාවන් ප්‍රමාණවත් ගුණාත්මක බවකින් යුක්ත විය යුතු අතර එම සේවාවන් සඳහා ගෙවීම් කිරීමට තම මුදල් වැය කිරීමට සිදු නොවිය යුතුය.
UHC යන්නෙන් සම්පූර්ණයෙන්ම පුද්ගලයන් වෙත නොමිලේ සෞඛ්ය සේවා සැපයීම අපේක්ෂා නොකරයි. එහෙත් සෞඛ්ය වියදම් ප්‍රතිපූර්ණය සඳහා විධිමත් රක්ෂණ ක්‍රමවේදයක් අවශ්‍යතාවය තිරසාර සංවර්ධන ඉලක්ක පෙන්වා දෙයි. එමෙන්ම UHC යනු සෞඛ්ය පහසුකම් ලබාගැනීමට ආර්ථීක පහසුකම් සැළසීම පමණක් නොවේ. සෞඛ්ය සේවාවන්හි ගුණාත්මක තත්ත්වය පවත්වාගෙන යාමට, අදාළ සෞඛ්ය පහසුකම් තවදුරටත් දියුණු කිරීමට සහ සියලු පුරවැසියන්ට සමාජ, ආර්ථික හෝ වෙනත් බෙදීම් නොසලකා සමාන සෞඛ්ය පහසුකම් ලබා දීමට ද UHC මගින් අපේක්ෂා කෙරේ.
UHC හි වර්තමාන තත්ත්වය ඇගයීම සඳහා මූලික නිර්නායක දෙකක් භාවිතා කරනු ලබයි.
රටක ජනගහනයෙන් කුමන ප්‍රතිශතයකට අතවශය්‍ය සහ ගුණාත්මක සෞඛ්ය සේවාවන් වෙත ප්‍රවේශ විය හැකි ද?
රටක ජනගහනයෙන් කුමන ප්‍රතිශතයක් සෞඛ්යය සඳහා තම ඉපැයීම් වලින් විශාල ප්‍රමාණයක් වැය කරන්නේ ද?
රටක ජනගහනයෙන් කුමන ප්‍රතිශතයක් සෞඛ්යය සඳහා තම ඉපැයීම් වලින් විශාල ප්‍රමාණයක් වැය කරන්නේ ද?
වැඩිදුර විස්තර සදහා
https://en.m.wikipedia.org/wiki/World_Health_Day
https://www.who.int/world-health-day/archives/en/
http://www.colombopage.com/archive_1…/Apr07_1523116034CH.php
https://en.m.wikipedia.org/wiki/World_Health_Day
https://www.who.int/world-health-day/archives/en/
http://www.colombopage.com/archive_1…/Apr07_1523116034CH.php
(සමීර ගුරුසිංහ - අප්‍රේල්_07_Health)
Comments
Post a Comment