ස්මාරක සහ පුරාවිද්‍යා ස්ථාන සඳහා වූ ජාත්‍යන්තර දිනය - International Day For Monuments and Sites

දිනය - අප්‍රේල් 18
ස්මාරක සහ පුරාවිද්‍ය ස්ථාන සඳහා වූ ජාත්‍යන්තර දිනය
International Day For Monuments and Sites
[🌐එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිරීක්ෂණය කරනු ලබන / ප්‍රකාශයට පත් කර ඇති නිල වාර්ෂික ජාත්‍යන්තර දිනයකි.🌐]

සෑම වසරකම අප්‍රේල් 18 වන දිනය ස්මාරක සහ පුරාවිද්‍ය ස්ථාන සඳහා වූ ජාත්‍යන්තර දිනය (IDMS) ලෙස සමරනු ලැබේ. අපගේ සංස්කෘතික උරුමය ලෙස ස්මාරක සහ පුරාවිද්යා ස්ථාන සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවය සහ “මෙම උරුමයේ විවිධත්වය සැමරීම” පිළිබඳ ගෝලීය අවධානය යොමු කිරීම එහි අරමුණයි.
ස්මාරක සහ පුරාවිද්‍ය ස්ථාන සංරක්ෂණය කිරීම සඳහා කැප වූ සංවිධාන සංරක්ෂණයේ වැදගත්කම ඉස්මතු කරමින් වැඩමුළු සහ සම්මන්ත්‍රණ පවත්වයි.
මෙම වටිනා ස්මාරක සහ පුරාවිද්‍ය ස්ථාන සංරක්ෂණය කිරීම සදහා විවිධ සංවිධාන හා පෞද්ගලික ආයතන ද ඉහල දායකත්වයක් සපයයි.
ස්මාරක සහ අඩවි පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලය (ICOMOS) යනු ලොව පුරා ඓතිහාසික හා පුරාවිද්‍යත්මක උරුමයන් සංරක්ෂණය හා ගවේෂණය කිරීම සඳහා ක්‍රියා කරන රාජ්‍ය නොවන සංවිධානයකි. IDMS නිරීක්ෂණය කිරීමේ අදහස 1982 අප්‍රේල් 18 වන දින ටියුනීසියාවේ පැවති ICOMOS සමුළුවකින් ආරම්භ විය. කෙසේ වෙතත් පළමු IDMS 2001 දී පැවැත්වූයේ "අපගේ ඓතිහාසික ගම්මාන සුරකින්න" යන තේමාවෙනි. මෙම දිනයට එක්සත් ජාතීන්ගේ අධ්‍යපනය, විද්‍යත්මක හා සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) වැනි සංවිධාන සහයෝගය දක්වයි.
වැඩිදුර විස්තර සදහා
https://whc.unesco.org/en/events/1164/


(සමීර ගුරුසිංහ - අප්‍රේල්_18_Monuments&Sites)

Comments

Popular posts from this blog

ජගත් මිහිතල/මිහිකත දිනය - World Earth Day

ලෝක සෞඛ්‍ය දිනය - World Health Day

සංවර්ධනය හා සාමය සඳහා වූ ජාත්‍යන්තර ක්‍රීඩා දිනය - International Day of Sport for Development and Peace