ජාත්‍යන්තර මානව අභ්‍යවකාශ පියාසර දිනය - International Day of Human Space Flight
දිනය - අප්‍රේල් 12
ජාත්‍යන්තර මානව අභ්‍යවකාශ පියාසර දිනය
International Day of Human Space Flight
ජාත්‍යන්තර මානව අභ්‍යවකාශ පියාසර දිනය
International Day of Human Space Flight
[🌐එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිරීක්ෂණය කරනු ලබන / ප්‍රකාශයට පත් කර ඇති නිල වාර්ෂික ජාත්‍යන්තර දිනයකි.🌐]
සෝවියට් පුරවැසියෙකු වූ යූරි ගගාරින් විසින් 1961 අප්‍රේල් 12 වැනි දින පළමු මිනිස් අභ්‍යවකාශ පියාසැරිය සිදුකරන ලදී.
1957 ඔක්තෝබර් 4 වැනි දින පළමුවරට මිනිසා විසින් නිර්මාණය කරන ලද පළමු පෘථිවි චන්ද්‍රිකාව වන ස්පුට්නික් I අභ්‍යවකාශයට දියත් කරන ලදී. එමඟින් අභ්‍යවකාශ ගවේෂණය සඳහා මාවත විවර වූ බව නොරහසකි. 1961 අප්‍රේල් 12 වන දින යූරි ගගාරින් පෘථිවිය වටා කක්ෂගත වූ පළමු මිනිසා බවට පත් වූ අතර අභ්‍යවකාශයේ මානව ප්‍රයත්නයේ නව පරිච්ඡේදයක් විවෘත විය.
වැලන්ටිනා ටෙරෙෂ්කෝවා 1963 ජුනි 16 වැනි දින පෘථිවිය වටා කක්ෂගත වූ පළමු කාන්තාව බවට පත්වීමත් සමඟ නීල් ආම්ස්ට්රෝං සඳ මත පා තැබූ පළමු මිනිසා බවට පත් විය.
1969 ජුලි 20 වන දින සඳ මතුපිටින් සහ 1975 ජූලි 17 වැනි දින ඇපලෝ සහ සොයුස් අභ්‍යවකාශ යානා ගුවන් ගත කිරීම අභ්‍යවකාශයේ පළමු ජාත්‍යන්තර මානව මෙහෙයුමයි.
1967 ඔක්තෝම්බර් 10 වන දින, චන්ද්‍රයා සහ අනෙකුත් ආකාශ වස්තූන් ද ඇතුළුව අභ්‍යවකාශය ගවේෂණය කිරීම හා භාවිතා කිරීම පිළිබඳ රාජ්‍යයන්ගේ ක්‍රියාකාරකම් පාලනය කරන මූලධර්මය පිළිබඳ ගිවිසුම ලෙස ද හැඳින්වෙන “මැග්නා කාර්ටා ඔෆ් ස්පේස්” බලාත්මක වුණා.
පසුව 2011 වර්ෂයේ අප්‍රේල් 7 වැනි දින A/RES/65/271 ලෙස මහමණ්ඩලයට ඉදිරිපත් කෙරුණු යෝජනාවෙන් පසු අප්‍රේල් 12 ජාත්‍යන්තර අභ්යවකාශ පියාසර දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එය සෑම වසරකම ජාත්‍යන්තර මට්ටමින් සැමරීමට මානව වර්ගයා සඳහා අභ්‍යවකාශ යුගයේ ආරම්භය යළිත් තහවුරු කරමින් තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමට සහ රාජ්‍යයන්ගේ මෙන්ම ජනතාවගේ යහපැවැත්ම වැඩි කිරීමට සහ සාමකාමී අරමුණු සඳහා අභ්‍යවකාශය පවත්වාගෙන යාම ඔවුන්ගේ අභිලාශයයි.
වැඩිදුර විස්තර සදහා
https://www.un.org/en/observances/human-spaceflight-day
https://www.un.org/en/observances/human-spaceflight-day
(සමීර ගුරුසිංහ - අප්‍රේල්_12_HumanSpace)
Comments
Post a Comment