ලෝක පොත් සහ ලෝක කර්තෘ හිමිකම් දිනය - World Book and Copyright Day

දිනය - අප්‍රේල් 23
ලෝක පොත් සහ ලෝක කර්තෘ හිමිකම් දිනය
World Book and Copyright Day

[🌐එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිරීක්ෂණය කරනු ලබන / ප්‍රකාශයට පත් කර ඇති නිල වාර්ෂික ජාත්‍යන්තර දිනයකි.🌐]


මුළු ලොව ම දැක බලා ගැනීමේ කවුළුවක් ලෙස සහ විශ්වීය දැනුම සපයන අපූරු තෝතැන්නක් ලෙස පොත් මිනිසාට මහඟු සේවයක් සලසයි. එම නිසා මෙම සුවිශේෂ දිනය වන ලෝක පොත් සහ ලෝක කර්තෘ හිමිකම් දිනය සැම වසරක ම සැමරීම ඉතා වැදගත් ය.

අන්තර්ජාතික පොත් දිනය, ලෝක පොත් දිනය ලෙසත්, ලෝක පොත් ප්‍රකාශන හිමිකම් දිනය ලෙසත් හැඳින් වේ. 

ලෝක පොත් සහ කර්තෘ හිමිකම් දිනය පළමුවරට සමරනු ලැබුවේ 1955 අප්‍රේල් 23 වැනි දිනයේදීය. යුනෙස්කෝ සංවිධානය එනම් එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යා සහ සංස්කෘතික සංවිධානය විසින් මෙම දිනය ප්‍රකාශයට පත් කරන ලද්දේ පොත් කියවීම පිළිබඳ ජනතාව තුළ දැනුවත් භාවයක් ඇති කිරීමටත් ඒ සදහා ඔවුන්ව දිරිමත් කිරීම සඳහාය. පොතක ඉංග්‍රිසි සී. අකුර (C) මගින් සියලුම හිමිකම් ඇවිරිණි යනුවෙන් සඳහන් කර තිබේ. මෙම අයිතිය ඇතැම් විට ලේඛකයාට ලැබෙන අතර ඇතැම්විට පොත් ප්‍රකාශකයාට ලැබේ. ජන ප්‍රජාව තුළ පොත පිළිබඳ දැනුවත්භාවයක් ඇති කිරීම මෙහි අරමුණ වේ.

අන්තර්ජාතික පොත් දිනය අප්‍රේල් 23 වැනිදාට යොදා ගැනීමට බලපෑ හේතු කිහිපයක්ම තිබේ. පොතක් පළමුවෙන්ම විධිමත්ව සකස් කෙරුණේ 1923 වසරේදී බව සඳහන් වේ. ඊට දායකත්වය සපයා තිබෙන්නේ ස්පාඤ්ඤයේ කැටලෝනියා හි පොත් වෙළෙඳුන් ය. විලියම් ශේක්ස්පියර්ගේ සහ ඉන්කා ගාර්ශිලාසෝ ඩෙ ලා වේගා යන කීර්තිමත් ලේඛකයන් දෙදෙනාගේ අභාව සිදුව තිබෙන්නේ 1616 වසරේ අප්‍රේල් 23 වැනිදා ය.

ලෝකය පුරා පොත් ප්‍රකාශනය වීම පිළිබඳ දත්ත ඒකරාශී කෙරී ඇත. යුනෙස්කෝ සංවිධානය රටවල් 123කින් පමණ ඒ පිළිබඳ දත්ත එකතු කරගෙන තිබේ. එම දත්තවලට අනුව වසරකට ලොව ප්‍රකාශනය කෙරෙන පොත් සංඛ්‍යාව මිලියන 2.2 ඉක්මවයි.

පොත් දිනය නමින් දිනයක් වෙන්කර තිබීම, නිතිපතා පොත්පත් කියවන අයට නම් තවත් එක් දවසක් පමණකි. කෙසේ වුවද, අද අප ජීවත් වන්නේ පොත් පත් කියැවීම දුරස් වෙමින් පවතින සමාජයක ය. ඒ නිසා සෑම දෙයකටම දිනයක් වෙන් කර ගන්නවා මෙන්, පොත පත් කියැවීම වෙනුවෙන්ද දිනයක් වෙන් කරන්නට සිදුව තිබීම කණගාටුවට කරුණකි.

වැඩිදුර විස්තර සදහා
https://en.unesco.org/commemorations/worldbookday



(සමීර ගුරුසිංහ - අප්‍රේල්_23_Book&Copyright)



Comments

Popular posts from this blog

ජගත් මිහිතල/මිහිකත දිනය - World Earth Day

ලෝක සෞඛ්‍ය දිනය - World Health Day

සංවර්ධනය හා සාමය සඳහා වූ ජාත්‍යන්තර ක්‍රීඩා දිනය - International Day of Sport for Development and Peace