ලෝක පොත් සහ ලෝක කර්තෘ හිමිකම් දිනය - World Book and Copyright Day
දිනය - අප්‍රේල් 23 ලෝක පොත් සහ ලෝක කර්තෘ හිමිකම් දිනය World Book and Copyright Day [🌐එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිරීක්ෂණය කරනු ලබන / ප්‍රකාශයට පත් කර ඇති නිල වාර්ෂික ජාත්‍යන්තර දිනයකි.🌐] මුළු ලොව ම දැක බලා ගැනීමේ කවුළුවක් ලෙස සහ විශ්වීය දැනුම සපයන අපූරු තෝතැන්නක් ලෙස පොත් මිනිසාට මහඟු සේවයක් සලසයි. එම නිසා මෙම සුවිශේෂ දිනය වන ලෝක පොත් සහ ලෝක කර්තෘ හිමිකම් දිනය සැම වසරක ම සැමරීම ඉතා වැදගත් ය. අන්තර්ජාතික පොත් දිනය, ලෝක පොත් දිනය ලෙසත්, ලෝක පොත් ප්‍රකාශන හිමිකම් දිනය ලෙසත් හැඳින් වේ. ලෝක පොත් සහ කර්තෘ හිමිකම් දිනය පළමුවරට සමරනු ලැබුවේ 1955 අප්‍රේල් 23 වැනි දිනයේදීය. යුනෙස්කෝ සංවිධානය එනම් එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යා සහ සංස්කෘතික සංවිධානය විසින් මෙම දිනය ප්‍රකාශයට පත් කරන ලද්දේ පොත් කියවීම පිළිබඳ ජනතාව තුළ දැනුවත් භාවයක් ඇති කිරීමටත් ඒ සදහා ඔවුන්ව දිරිමත් කිරීම සඳහාය. පොතක ඉංග්‍රිසි සී. අකුර (C) මගින් සියලුම හිමිකම් ඇවිරිණි යනුවෙන් සඳහන් කර තිබේ. මෙම අයිතිය ඇතැම් විට ලේඛකයාට ලැබෙන අතර ඇතැම්විට පොත් ප්‍රකාශකයාට ලැබේ. ජන ප්‍රජාව තුළ පොත පිළිබඳ දැන...